ගරු. ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා (1936 -1993)
සිහින දකින්නා/සංකල්පිකයා/දෘෂ්ටිකයා
මුල් ජීවිතය හා අධ්‍යාපනය
1936 නොවැම්බර් 26 වැනි දින, කළුතර නීතිඥ පවුලක උපත ලද ලලිත් විලියම් සමරසේකර ඇතුලත්මුදලි නම් වූ ජනාධිපති නීතිඥ වරයා ලලිත් ඇතුලත්මුදලි නමින් හඳුන්වන ලද අතර ඔහුගේ පියා වන ඩී. ඩී. ඇතුලත්මුදලි මහතා ශ්‍රී ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වන අතර ඔහුගේ මව දෝනා එලිසියානා පෙරේරා වීරසිංහ නම් වුවාය. ඔහුට සහෝදරයෝ දෙදෙනෙක් සිටියහ. සහෝදරයෙකු වූ දයන්ත ඇතුලත්මුදලි ඉංජිනේරුවරයෙකු බවට පත්වූ අතර, සහෝදරිය වූ සුජී ඇතුලත්මුදලි වෛද්‍යවරියක් වුවාය.
ලලිත් ඇතුලත්මුදලි මහතා අසමසම දේශපාලනඥයෙකු හා විශිෂ්ට විද්වතෙක් විය. 1942 වර්ෂයේ දී රාජකීය විදුහලෙන් සිය කීර්තිමත් ගමන ආරම්භ කිරීමට පෙර, ඔහු කොළඹ කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඉන් අනතුරුව පානදුර සාන්ත ජෝන් විදුහලෙන්ද අධ්‍යාපනය ලැබීය. ඔහුගේ විශිෂ්ට අධ්‍යාපනික ගමන තුලදී ශේක්ස්පියර් ත්‍යාගය හා ස්ටුවර්ට් ත්‍යාගය ද ඇතුළුව පාසැල් ත්‍යාග 20 කට අධික සංඛ්‍යාවක් දිනා ගන්නා ලදී. මෙය අද දක්වාම නොබිදුනු අසමසම ජයග්‍රහණයකි. ඔහු 1952 වර්ෂයේදී හර්ඩල් තරගය සඳහා වූ සමස්ත ලංකා රජයේ පාසැල් මළල ක්‍රීඩා ශූරතාව දිනාගන්න ලද අතර එම වාර්තාව වර්ෂය 35 කට අධික කාලයක් පුරා ඔහු සතුව පැවතුනු අතර මොහු 1952 වසරේ දක්ෂතම සමස්ත ලංකා රජයේ පාසැල් මළල ක්‍රීඩකයා වශයෙන් ද තෝරා ගන්නා ලදී.
අධ්‍යාපන හා නීති වෘතිය
වර්ෂ 1955 දී ඔහු ඔක්ස්ෆර්ඩ් හි ජීසස් විද්‍යාලයෙන් නීතිය පිළිබඳ අධ්‍යන කටයුතු ආරම්භ කරන ලද අතර, 1958 දී ගෞරව උපාධියක් සහිතව ඉන් සමත් විය. ඉන් අනතුරුව නීති විද්‍යාව හා ඔක්ස්ෆර්ඩ් හි පශ්චාත් උපාධිය හැදෑරීය. 1959 දී ඔහුගේ පියා මියගිය අතර මුදල් හිඟකම හේතුවෙන් ආපසු පැමිණීමට සිදුවිය. ඔහුගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විස්තර අසා, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා, ශ්‍රී ලංකා රජයේ ශිෂ්‍යත්වයක් ඔහුට ලබා දුන්නේය. වර්ෂ 1959 දී ඔහු විශ්ව විද්‍යාලය මගින් නීති විද්‍යාව සඳහා පිරිනමන ලෝර්ඩ් සංකේ ත්‍යාගය දිනා ගත්තේය. වර්ෂ 1960 දී ගෞරවනීය ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ශාසත්රවේදී (MA) උපාධිය සහ සිවිල් නීතිවේදී (BCL) උපාධිය ලබාගත්තේය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඔහුගේ ශිෂ්‍ය කාල පරිච්ඡේදය තුළ ඔහු පුස්තකාලාධිපති, ලේකම් (1956), භාණ්ඩාගාරික (1957) සහ පසුව ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපතිවරයා ලෙස 1958 දී තෝරා පත් කරගත් අතර, එම තනතුරට පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්විය. 1962 දී ඔහු හාවඩ් නීති විද්‍යාලයට ඇතුළත් වූ අතර 1963 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය (LLM) ලද අතර ඔහුගේ නිබන්ධනය හාවඩ්හි ස්ථිර එකතුව සඳහා පිළිගන්නා ලදී.
ඔහු අනතුරුව, 1964 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී නීති වෘතීය ආරම්භ කළේය. 1967 සිට 1974 දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරයා විය. 1985 දී ඔහු ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත් කරන ලදී.
ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාට ඕනෑම භාෂාවක වචන සම්බන්ධයෙන් පරිචයක් තිබු අතර, ඒ හරහා සිය පණිවුඩය පරිපුර්ණ ලෙස පහසුවෙන් ඉටු කර ගැනීමට හැකියාව ලැබුණි. සිංහල සහ ඉංග්‍රීසි යන ද්වි භාෂා පිළිබඳ ඔහුගේ දැනුම උත්කෘෂ්ඨ වූ අතර ඔහුට වෙනත් භාෂා පිළිබඳව ද නිපුණත්වයක් තිබූ බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. එක් වරක් ජර්මනියේ පැවති උත්සවයක දී ලලිත් සිය ප්‍රධාන දේශනය අතරතුර, එක්වරම ඔහුගේ දේශනය ව්‍යක්ත ලෙස ජර්මන් භාෂාවට මාරු කර අතර එය ජර්මන් භාෂාවට ඉංග්‍රීසි භාෂාවෙන් නැවත වතාවක් මාරු කලේ ප්‍රේක්ෂකයන් හා පරිවර්ථකයින් පුදුමයට පත් කරමිනි. භාෂාව කුමන ආකාරයකින් වුවද, ඔහු ඒ සම්බන්ධව ඉතා පැහැදිලිව, සිත් ගන්නා සුළු අයුරින් අදහස් ප්‍රකාශ කිරීමට සමත්විය.
දේශපාලන වෘතීය
ලලිත් ඇතුලත්මුදලි 1970 වර්ෂයේ මුල් භාගයේදී දේශපාලනයට පිවිසියේය. 1973 දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සැලසුම් කමිටුවට සම්බන්ධ විය. 1977 මහා මැතිවරණයට රත්මලාන ආසනයන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 වසරේදී ඔහුව වෙළඳ අමාත්‍යවරයා වශයෙන් පත් කළ අතර 1977 සිට 1991 දක්වා කාලය තුල ඔහු වෙළඳ හා නාවික කටයුතු, ජාතික ආරක්ෂාව, ආහාර හා සමුපකාර, පශු සම්පත් සංවර්ධන, කෘෂිකර්ම, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඈතුලුව අමාත්‍ය ධුර කිහිපයක් හෙබවීය.
ලලිත් ඇතුලත්මුදලි ඔහුගේ යුගයේ නීතිමය පිළිබඳ කීර්තිමත් උගතෙකු වූ නමුත් ඔහු හට නුහුරු වූ කාර්යයක් වන වෙළඳ කටයුතු අමාත්‍යංශයේ වගකීම පවරන ලද අතර පසුකාලීනව ලලිත් අතුලත්මුදලි මැතිතුමාහට නාවික කටයුතු අමාත්‍යාංශය ද පැවරීය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිර්මාතෘ සහ කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ නියමුවා ලෙස ද සලකනු ලබන්නේ ලලිත් අතුල්මුදලි මැතිතුමාය. රට තුල පිහිටි වරායන් හරහා රටේ ආර්ථික ක්ෂේත්රය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් කිරීමේ හැකියාව පිළිබඳ දර්ශනයක් ඔහුට තිබිණ. කොළඹ වරාය දකුණු ආසියාතික කලාපය තුළ ආර්ථික වශයෙන් ශක්තිමත් වරායක් බවට පරිවර්තනය කිරීම ඉතා පහසු කාර්යයක් නොවීය. ඔහු සතුව පැවතී දුරදර්ශී හා තීක්ෂණ නායකත්වය හේතුවෙන් 1980 ගණන්වල මැද භාගයේදී එතුමාගේ ධූර කාලය අවසන් වන විට අපගේ වරාය ශ්‍රේණි ගත කිරීම් අනුව 136 සිට 24 දක්වා ඉහළ නැංවිම් සිදුවුනි. කොළඹ වරාය ප්රමුඛ වරාය බවට පත් කිරීමේ අරමුණින් වරාය බහාලුම් සංස්ථාව, කොළඹ වරාය කොමිෂන් සභාව සහ වරාය ටැලි සහ ආරක්ෂණ සේවා ප්‍රතිව්‍යුහගත කර එක් ආයතනයකට ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටුවා එමගින් අදාළ කටයුතු එකාබද්ධ කරමින් එකී කටයුතු පහසු කිරීම සඳහා ස්වතන්ත්රපාලනයක් ඇති කළේය. මේ අනුව, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ සංකල්පයක් අනුව බිහිවූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 1979 වර්ෂයේ අගෝස්තු මාසයේදී කොළඹ වරාය ඉතිහාසයේ නව පරිචේඡ්දයක් පිහිටුවීය. එයින් නොනැවතුණු ඔහු එලිසබෙත් සහ විජය යන වරාය වේදිකාවල් නවීකරණය කිරීමේ කටයුතු භාර ගත් අතර කොළඹ වරායට ප්‍රති නැව්ගත කිරීමේ සහ බහාලුම් ව්‍යාපාරය හඳුන්වා දීමට ද කටයුතු කළේය. දිවයිනේ ප්‍රථම වතාවට බහාලුම් කොළඹ නගරයේ 1973 වර්ෂයේදී දර්ශනය විය. ශ්‍රී ලංකා වරාය අධිකාරයට අයත් සහ එමගින් පාලනය වන ජය පර්යාන්තය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ යුගයේදී ජපන් ආධාර මත ඉදි වුවකි.
ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් අපනයන ආර්ථිකයක් බිහි කිරීම සඳහා අපනයන නිෂ්පාදන ගම්මාන ඇති කල අතර එමගින් ග්‍රාමීය නිෂ්පාදකයනට අපනයන කරුවෙකු හරහා වෙළෙඳපොළක් සපයා දී ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම අරමුණ විය.
ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සමාගම ඇති කිරීම ලලිත්ගේ සංකල්පයක් විය. ජනතාවට සාධාරණ මිලකට භාණ්ඩ සැපයීම සඳහා ඔහු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) පුළුල් කළේය. ගැටුම් පැවති කාල සීමාව තුළ ප්‍රමාණවත් ආහාර තොග පවත්වාගෙන යාම සඳහා ලලිත් විසින් බඩු ගබඩා සංකල්පය හඳුන්වා දෙන ලදී.
1984 වර්ෂයේ දී ඔහු ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, නියොජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කරන ලදී. ඔහු පොලිස් හා හමුදාවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය. ඔහු යුධ සමයේ දී හමුදා බල ඇණිය 6,000 සිට 24,000 දක්වා ඉහල නැංවු අතර සන්නද්ධ හමුදා වඩාත් පුළුල් කිරීමට හා සන්නද්ධ කිරීමට කටයුතු කරන ලදී. ඊශ්‍රායලයේ සහාය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ඔහු විවේචනයට බඳුන් විය. වඩමාරච්චි මෙහෙයුම ඇතුළුව එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් අත්පත් කර තිබු භුමි ප්‍රදේශ වෙනුවෙන් ඔහු මෙහෙයුම් සංවිධානය කල අතර ඔහු ඉන්දු ලංකා සාම ගිවිසුමට ඔහු එරෙහි විය.
1987 වර්ෂයේදී පාර්ලිමේන්තු සංකීර්ණය තුල සිදු වූ ප්‍රහාරයක් හේතුවෙන් ඔහු දැඩි ලෙස තුවාල ලැබීය. ඔහුගේ දේශපාලන දිවියේ විශාලතම පරාජය වූයේ 1988 මැයි මාසයේදීය. ඔහු ජවිපෙ කැරැල්ල සමග සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේය. ඊනියා සටන් විරාමයේ ප්‍රධාන මැදිහත්කරුවන් වූයේ කෙලී සේනානායක සහ නීතිඥයකු වන තිස්ස බාලසූරිය වන අතර පසුව හෙළිදරව් වූවේ ඔහුට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කිරීමට වරමක් නොමැති බවයි. 1988 වර්ෂයේ දී ඔහුට නැවතත් නාවික හා වෙළඳ අමාත්‍ය ධුරය හිමි විය, 1988 දී ජේ. ආර්. ජයවර්ධන මහතාගේ විශ්‍රාම යාම ඔහුගේ තත්ත්වය වෙනස් වීමට හේතු විය. ඔහු ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා ගැනීමට උත්සාහ කළ නමුත්, රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පරාජයට පත් කරන ලදී. අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත්විය.
පවුලේ විස්තර
ලලිත් ඇතුලත්මුදලි තම බිරිඳ වන ශ්‍රීමණී ද සේරම් 1978 මාර්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුයුක්තව සිටියදී හමුවිය. ඇය ඔහුගේ සොහොයුරා වූ දයාන්ත ඇතුලත්මුදලිගේ මිතුරියක් විය. අවුරුදු කීපයක් පුරා පැවතුණු ආදර කතාවෙන් පසුව, ඔවුන් ජිනීවාහිදී, 1981 දෙසැම්බර් මාසයේ දී විවාහ වුහ. ඔවුන්ට එක් දියණියක වූ අතර ඇය සරලා ඇතුලත්මුදලි නම් වුවාය.
ලලිත් ඇතුලත්මුදලි ඝාතනයෙන් පසුව, ස්වාමිපුරුෂයා විසින් ආරම්භ කළ DUNF සංවිධානයේ නායකත්වය දැරූ ශ්‍රීමනි ඇතුලත්මුදලි 1994 දී පාර්ලිමේන්තුවට තේරී පත් විය. කෙසේවෙතත්, සරලා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තම මව දිරිමත් නොකලාය. ඇය, විජේතුංග කැබිනට් මණ්ඩලය යටතේ පරිසර හා ප්‍රවාහන කටයුතු හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වූවාය. 2004 දෙසැම්බර් මස 1 වන දින අසනීපයක් හේතුවෙන් ඇය මිය ගියාය.
මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන
ලලිත් බොහෝ සෙසු දේශපාලනඥයන් වෙනස් වන්නේ ඔහු අනාගත දෑක්මක් අනුව කටයුතු කල දේශපාලනඥයෙක් වීමයි. ශ්‍රී ලංකාවේ දුප්පත් සිසු දරු දැරියන්ට මහඟු අවස්ථාවන් විවෘත කරදුන් මහපොළ සංකල්පය මෙම දූරදර්ශී දේශපාලනඥයා විසින් ඉටු කරන ලද බෙහෙවින්ම ඵලදායී දායකත්වය වශයෙන් දැක්විය හැක.
රටේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් නොසලකා හැරියහොත් ඉන් රටට ඉමහත් පාඩුවක් සිදුවන බව ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා දැන සිටි අතර දුප්පත්කම උසස් අධ්‍යාපනය සඳහා බාධාවක් බව ද ඔහු අවබෝධ කරගෙන සිටියේය. එහෙත් විශ්ව විද්‍යාල මට්ටමි දක්වා නිදහස් අධ්‍යාපන දොරටු විවෘතව තිබුණත්, එය අදාළ කාර්යයෙන් කොටසක් පමණි. සෑම උපාධිධාරියෙකුටම ගමන් බිමන්, ආහාර පාන සහ තවත් බොහෝ වියදම් තිබේ. මෙය මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කිරීමේ මූලික අරමුණ විය. තවද, ඔක්ස්ෆර්ඩ් හි අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඇතුලත්මුදලි මහතාට රජය මගින් ඔහුට ලබා දුන් උපකාරය ඔහු අමතක නොකළේය. එස්. ඩබ්ලිව්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේදී ඔහුට පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි විය. අවශ්‍ය උපාධිධරයන්හට ශිෂ්‍යත්ව ප්රදානය කිරීම වෙනුවෙන් අරමුදල් ලබා ගැනීම සඳහා සහ ලොතරැයි ක්‍රමයක් ආරම්භ කිරීමට ඔහු විසින් කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කළේය.
ගරු. ලලිත් ඇතුලත්මුදලි මහපොළ රැකවරණ අරමුදල පිහිටුවන ලද්දේ 1981 පෙබරවාරි මස තම පෞද්ගලික දායකත්වයෙනි. ඔවුන්ගේ ද්විතියික හා උසස් අධ්‍යාපනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍යාධාර අවශ්‍යවන තාක්ෂණික නිපුණතා වැඩිදියුණු කිරීමේ දැක්ම සමග 1981 අංක 6 දරන පාර්ලිමේන්තු පනතකින් අරමුදල සංස්ථාගත කරන ලද්දේ පනතේ 3 වන වගන්තියට අනුවය. එහි පරිපාලනය, කළමණාකරණය සහ පාලනය භාරකාර මණ්ඩලයට පැවරී ඇත.
අරමුදලේ ඉලක්ක සහ අරමුණු,
- තරුණයින්ට උසස් අධ්‍යාපන පහසුකම් සැපයීම,
- ද්විතීයික අධ්‍යාපනය සතුටුදායක අයුරින් සම්පූර්ණ කර ඇති තරුණ තරුණියන්ට විශ්ව විද්‍යාල හෝ තාක්ෂණික හෝ උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනික, කාර්මික හෝ තාක්ෂණික අධ්‍යාපනය අවසන් කිරීමට හැකිවන පරිදි,
- තරුණ වෘත්තික කුසලතා හා නිපුණතාවන් වර්ධනය කිරීම සඳහා වෘත්තීය පුහුණු ආයතන පිහිටුවීම හා කළමනාකරණ කටයුතු වෙනුවෙන් සහාය වීම,
- අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා පාසල්, ආයතන හා ඒ හා සමාන ආයතන පිහිටුවීම සහ කළමනාකරණ කටයුතු සඳහා සහාය වීම,
- අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ගුරුවරුන් සහ පුද්ගලයන්ගේ කුසලතා හා හැකියාවන් වර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා සහාය ලබා දීම.
1981 දී බණ්ඩාරවෙල, ගලෙන්බිඳුණුවැව දී සිසුන් 400 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මහපොළ අරමුදල් සංවත්සරයේ ප්රතිලාභ, මේ වන විට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් 90% ක් පමණ භුක්ති විඳී. වෙළඳ හා නාවුක අමාත්‍යංශයට අනුයුක්ත සියලුම දෙපාර්තමේන්තු හා සංස්ථා වලට අයත් කාර්ය මණ්ඩලය එතුමාගේ මහපොළ සංකල්පමය වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කරති. මේ අතර මහපොළ අරමුදල අද වන විට ජනතාව වෙත වෙනත් ප්‍රතිලාබ ලබාදීම සඳහා යොදාගෙන ඇතැයි විශ්වාස කෙරේ මෙම ණය යෝජනා ක්‍රමය මය හඳුන්වාදීමට පෙර, සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් විසින් බැංකු ණය ලබා ගැනීමට පෙළඹුණු අතර, ගරු ඇතුලත්මුදලි ඇමතිතුමා විසින් පිරිනමන ලද මෙම අගනා තිළිණය කෘතගුණ දන්නා ශ්‍රී ලාංකිකයින් විසින් කිසි දිනක අමතක නොකරනු ඇත.
මහපොළ උසස් අධ්‍යාපන භාර අරමුදල විසින් 1981 සිට 2016 දක්වා වූ පසුගිය වසර 35 ක කාලය තුළ විශ්ව විද්‍යාල 15 ක්, අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන හා තාක්ෂණ විද්‍යාලයන්හි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් රු. බිලියන 13.3 ක් වටිනා ශිෂ්‍යත්ව 288,893 ප්රදානය කර ඇත.
මේ වන විට සහ මහපොළ භාර අරමුදල මගින් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍යත්ව 15000 කට වැඩි ප්‍රමාණයක් කාර්මික විද්‍යාලවල සිසුන් 1500 ක් සඳහා වාර්ෂිකව පිරිනමනු ලැබේ.
පුරාවෘතය
ලලිත් ඇතුලත්මුදලි වැනි දේශපාලනඥයන් බිහිවීම දුර්ලභ ගනයේ සිදුවීමක් වන අතර දූෂණය, වර්ගභේදවාදය, පක්ෂපාතීත්වය හා කුහකත්වය ඔහු ප්‍රතික්ෂේප කළේය. අනාගතයේ දී දේශපාලන ජීවිතය වර්ණවත් කිරීම අරමුණු කරගත් වර්තමාන තරුණ දේශපාලඥයින් ලලිත්ගේ ජීවිතය හා කාල වකවානුව අධ්‍යයනය කළ යුතු අතර, ඔහුගේ අදහස් හා ක්‍රියාවන් අනුකරණය කළ යුතුය. සියළුම දේශපාලනඥයන් මෙන් ලලිත් සිය ආසනය වන රත්මලානේ සිය ඡන්ද දායකයින් සතුටු කිරීමට කටයුතු කළේය. එහෙත් ඔහු මෙම සීමාවන්ගෙන් ඔබ්බට ගොස් සමස්ත රටටම සේවය කළේය. ඔහු සැබවින්ම ජාතික මට්ටමේ දේශපාලනඥයෙක් විය.
මෑත ඉතිහාසයේ අතිශයින්ම කැපීපෙනෙන ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයකු ලෙස ඇතුලත්මුදලි සලකනු ලැබේ. තවමත් ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් ඔහු උගත් මහත්මයෙක් වශයෙන් සලකනු ලබන අතර එම යුගයේ සිටි බුද්ධිමත් දේශපාලඥයින් අතලොස්ස අතරින් එක් අයෙකු ලෙස සැලකේ. ඔහුට ගෞරව දැක්වීම උදෙසා ප්‍රතිමාවක් සහ සිහිවටනයක් කොළඹ ඉදිකර තිබේ. ඔහු විසින් ආරම්භ කරන ලද මහපොළ අරමුදල, උසස් අධ්‍යාපනයේ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයන අතර අසරණ සිසුන්ට වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා මහඟු දායකත්වයක් සපයයි. තොරතුරු තාක්ෂණ ආයතනයෙහි ඇති ලලිත් ඇතුලත්මුදලි ශ්‍රවණාගාරය සහ කොළඹ රාජකීය විද්‍යාලය මගින් (ඔහු උගත් පාසල) වාර්ෂිකව පිරිනමනු ලබන උත්කෘෂ්ට ත්‍යාගය ඔහුට පිදෙන ගොරවයක් ලෙස ඇතුලත්මුදලි අනුස්මරණ ත්‍යාගය (වසරේ රාජකීය විද්‍යාලයේ විශිෂ්ටතම ශිෂ්‍යා සඳහා පිරිනමන ලද)වශයෙන් නම්කොට ඇත.
ඔහුගේ ඝාතන පිළිබඳ ආරංචිය පැතිරුණු සැනින් සෑම නිවසකම, සෑම සාප්පුවක් හා සෑම ස්ථානයකම සුදු කොඩි ඔසවා තිබුණා. බොරැල්ල පොදු සුසාන භූමියේදී ඔහුගේ අවමඟුලට පෙර නොවූ විරූ ජනතා සමූහයක් සහභාගී විය. ලලිත් ලබා දුන් දායාදය, ලලිත්ට ආදරය කල හා ඔහු දැයෙන් සමු ගන්නා විට කඳුලක් හෙලු ලක්ෂ ගණන් ජනතාවගේ හදවත් තුළ ඔහු ලබා දුන් දායාදය පවතිනු ඇත. මහපොළ අධාරයෙන් උපාධිය සම්පූර්ණ කළ විශ්ව විද්‍යාල සිසුන් දහස් ගණනක් තුල ඔහුගේ දූරදර්ශී දෘෂ්ටිය ජීවත් වනු ඇත. ඔහුගේ අඩිපාරේ යමින් ශ්‍රී ලාංකික සමාජයට සේවය කිරීම සඳහා කැපවීමෙන් හා ලිහිල් භාවයකින් වියුක්තව ක්රියාශීලීවසේවය කිරීමට ඔවුන්ගෙන් සමහරෙකු හෝ අවම වශයෙන් උත්සාහ කළහොත්, ලලිත්ගේ අකල් මරණය නිෂ්ඵල ක්‍රියාවක් නොවනු ඇත.
දර්ශනයකින් හා ජාතිකත්වය පිළිබඳ හැගීමෙන් හා අදහස් වලින් තොර වූ සහ පහත ජනප්‍රියත්වය හා සිය පැවැත්ම පමණක්ම දර්ශනය කොට ගත් වර්තමාන දේශපාලනඥයින්ට ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ජීවිතය ආදර්ශයක් වනු ඇත. අවාසනාවකට මෙන්, 1993 ජුලි 23 දින කිරුළපන මැතිවරණ ප්රචාරක රැළියකින් අනතුරුව තුවක්කුකරුවෙකුගේ උණ්ඩයකින් ඔහුගේ ජීවිතය අවසන් විය.