වාරික ගෙවීම් - 2018
මාලඹේ, ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනයe (SLIIT)
භාරකාර අරමුදලට අයත් අක්කර 25 ක භූමි භාගය යොදාගනිමින් රුපියල් මිලියන 500ක් ආයෝජනය කිරීම හරහා ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල, මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනය (SLIIT) 1999 වර්ෂයේ දී පිහිටුවන ලදී.
මෙමගින්, වර්තමානයේදී 7000 කට අධික සිසුන් පිරිසක් සඳහා නවාතැන් පහසුකම් සපයමින්, ලෝකයේ විවීධ රටවල්වල ශිෂ්‍යයන් ද ඇතුළුව ඉතා සාර්ථකව උපාධි හා පශ්චාත් පාඨමාලා උපාධි පිරිනමමින් මෙම ආයතනය ක්‍රියාත්මක වන අතර, ඉංජිනේරු, පරිඝනක හා ව්‍යාපාර යන අධ්‍යාපන පීඨයන්ගෙන් 9000 කට අධික උපාධිධරයන් පිරිසක් බිහි කරන ලදී.
තවදුරටත් ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණික ආයතනය මගින් ශිෂ්‍යයන් හට උගෙනුමට අදාළ අන්තර්ගතයන් ඉක්මවා ගිය අධ්‍යාපන අවස්ථාවන් ලබා දීම හා පෞද්ගලික උපයෝග පිළිබඳව වඩා පුළුල් අවබෝධයක් හා දැනුමක් සහිතව ඔවුන්ගේ වෘත්තිමය පෞද්ගලිකත්වය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ බහු ජාතික හා දේශීය සංවිධාන සමග එක් වී ආධුනිකත්ව වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.