1981 මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල අංක 66 දරණ පනත සංශෝධනය කරමින් ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල යනුවෙන් නැවත නම් කිරීම.

මෙම ශිෂ්‍යත්වය ආරම්භයේ සිටම මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල ලෙස හැඳින්වූ අතර එය, එහි නිර්මාතෘ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ නම ඇතුළත් කිරීම සුදුසු යැයි වර්තමාන භාරකාර මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල "ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල" යනුවෙන් නම් කිරීමට තීරණය විය. 2018 අගෝස්තු මස 28 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලත් අනුමතිය පරිදි මෙම අරමුදල "ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල" ලෙස නම් කර ඇත.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ඉහත කී පනතේ 15 වන වගන්තිය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලෙහි නාමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත කරන ලදී.

  • ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ඉහත කී පනතේ 15 වන වගන්තිය සහ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලෙහි නාමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුමත කරන ලදී.
  • මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නාමය "ලලිත් අතුලමුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල" යනුවෙන් නැවත නම් කිරීම.
  • 1981 අංක 66 දරණ ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතට අතිරේක විධිවිධාන ඇතුළත් කර 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ 15 වන වගන්තිය සංශෝධනය කරමින් “භාරකරුවන්ද ඇතුළුව, මහපොළ භාරකාර අරමුදල හා සම්භන්ද සියලුම නිලධාරීන් සහ සේවකයින් දණ්ඩ නීති සංග්‍රහයේ යෝජනා හා අර්ථ නිරුපනයන්ට අනුව රාජ්‍ය සේවකයන් වශයෙන් සලකනු ලබන අතර 1982 අංක 12 දරන මහජන දේපල පනතට අදාලව ඇති වරදවල් පිළිබඳ විධිවිධානවලට යටත් විය යුතුය."