අධ්‍යයන කාලය තුළ මහපොළ ශිෂ්‍යත්ව වෙනුවෙන් සුදුසුකම් ලැබීමටත්, එම ශිෂ්‍යත්ව සඳහා වාරික ගෙවීම් සඳහාත් පහත සඳහන් අවශ්‍යතා සහ කොන්දේසි අදාළ වේ.

  • ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ශිෂ්‍යත්වලාභියා විසින් දක්වන ලද ප්‍රගතිය අනුව විශ්ව විද්‍යාලය විසින් කරනු ලබන නිර්දේශ පදනම් කර ගනිමින් මාසිකව ශිෂ්‍යත්ව වාරික ගෙවනු ලැබේ.
    • අධ්‍යයන කාලය තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව සඳහා ශිෂ්‍යත්ව වාරික 10 ක උපරිමයකට යටත්ව ගෙවනු ලැබේ.
    • පාඨමාලාව සඳහා නියමිත පරිදි දේශන, නිබන්ධන, පන්ති සහ ප්‍රායෝගික පංති සඳහා නියමිත පරිදි සහභාගී විය යුතු අතර 80% ක සහභාගීත්වයක් තිබිය යුතුය. මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කරනු ලබන තත්වයන් තුළ විශ්ව විද්‍යාලය විසින් කරන ලද නිර්දේශ අනුව ශිෂ්‍යත්ව ගෙවීම් අත්හිටුවනු ඇත.
    • මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් පාඨමාලා පැවැත්වීමේ කාලය තුළ මසකට එක් වාරයක් පමණක් ශිෂ්‍යත්ව ලාභියා වෙත වාරික ගෙවනු ලැබේ.
    • ශිෂ්‍යත්ව වාරික ගෙවීම සඳහා ශිෂ්‍යත්ව ලාභීන්ගේ නම් විශ්ව විද්‍යාලය මගින් නිර්දේශ කෙරෙන අතර එසේ නිර්දේශ නොකෙරේ නම් විශ්ව විද්‍යාලයෙන් විමසිය යුතුය.
    • මෙම ශිෂ්‍යත්ව පිළිගැනීමෙන් පසු මෙම අධ්‍යයන පාඨමාලාවට හෝ වෙනත් අධ්‍යයන පාඨමාලා සම්බන්ධයෙන් හෝ ශිෂ්‍යයන්ට හෝ ශිෂ්‍යාවන්ට වෙනත් ශිෂ්‍යත්ව හෝ ශිෂ්‍යාධාර ලැබීමට අවසර නැත. ශිෂ්‍යයෙක්/ ශිෂ්‍යාවක් වෙනත් එවැනි ශිෂ්‍යත්වයකට සුදුසුකම් ලැබුවහොත්, කලින් ශිෂ්‍යත්වය රඳවා තබා ගැනීම හෝ එම ශිෂ්‍යත්වය අවලංගු කිරීම හෝ නව ශිෂ්‍යත්වය ලබා ගැනීම සඳහා විකල්පයක් ඇත.එවැනි අවස්ථාවල ශිෂ්‍යයා වහාම මෙම කාර්යාලයට දැනුම් දිය යුතුය..
  • පහත සඳහන් තත්වයන් යටතේ ශිෂ්‍යත්ව අවලංගු වේ. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අභියාචනා ද සලකා බලනු නොලැබේ.
    • පාඨමාලාවට නොපැමිණීම
    • පාඨමාලාව සඳහා දිගුකාලීනව නොපැමිණීම
    • වාර්ෂික විභාගවලින් අසමත් වීම
    • අධ්‍යයන පාඨමාලාව අත්හැර දැමීම
    • විනය කටයුතු සම්බන්ධව පන්ති තහනම
    • නවක වදය සම්බන්ධයෙන් දඬුවම් ලැබීම
    • විෂමාචාර, අපචාර හෝ යුතුකම් පැහැර හැරීම පිළිබඳ වරදක් සඳහා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද විනය පරීක්ෂණයකින් පසුව ශිෂ්‍යාට දඬුවම් ලබා දී ඇති අවස්ථාවක හෝ වෙනත් වැරදි සඳහා අධිකරණය මගින් දඬුවම් ලබා දී ඇති විට.
    • විශ්ව විද්‍යාලයේ හෝ රාජ්‍යය දේපල වලට හානි කිරීම සම්භන්දයෙන් දඬුවම් ලැබීම.
    • ව්‍යාපාරය නිරතව සිටීම හා ආදායම් උත්පාදනය සඳහා ව්‍යාපාරයක හෝ සේවාවක යෙදී සිටීම, ශිෂ්‍යත්ව වාරික අත්හිටුවීම හා සුදුසුකම් ලැබීම සඳහා යෝග්‍ය නොවීම සඳහා හේතු වනු ඇත.
  • ශිෂ්‍යයෙකු / ශිෂ්‍යාවක නොවැලෑක්විය හැකි හා පාලනය කරගත නොහැකි හේතුවක් මත අධ්‍යයන කටයුතු කල් දැමීම සඳහා අවසර ලබා ගන්නේනම් හා ඔහු / ඇය ඊළඟ අදාල වර්ෂය තුළ මෙම ශිෂ්‍යත්වය ලැබීමට කැමති නම්, අදාළ ශිෂ්‍යත්ව වාරික ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට, ශිෂ්‍යත්ව ප්‍රදානයෙදී ශිෂ්‍යත්ව සහතිකය ලබා ගත යුතුය.
  • විශ්ව විද්‍යාලයේ අධ්‍යයන පාඨමාලාව පසුකාලීනව වෙනස් වුවහොත් මහපොළ ශිෂ්‍යායාධාර සඳහා ශිෂ්‍යයෙකුට සුදුසුකම් ලබා ඇති විට ශිෂ්‍යයා ලබා ඇති ලකුණු මත පදනම් ව නව අධ්‍යයන පාඨමාලාව සඳහා නව ශිෂ්‍යත්වයක් පිරිනැමෙනු ඇත.
  • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ මත එම ශිෂ්‍යත්වය ප්‍රදානය කරනු ලබන අතර ශිෂ්‍යත්ව හෝ ශිෂ්‍යත්ව වාරික සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ තීරණය අවසන් තීරණය වනු ඇත.

අධ්‍යක්ෂ
මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල