මහපොළ ප්‍රඥප්තිය යටතේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන සාර්ථක වැඩසටහනක් වූයේ මහපොළ වෙළඳ පොළ හා වෙළඳ ප්‍රදර්ශනය වන අතර විශේෂයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරිකයන්ට දේශීය නිෂ්පාදිත භාණ්ඩ වෙළඳ කුටිවල විකිණීම හරහා ශ්‍රී ලංකාවට බොහෝ සමාජ ආර්ථික ප්‍රතිලාභ ලබා දී ඇත. මෙම දින හත තුළ කුඩා පරිමාණ ව්‍යාවසායකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන විකිණීම, කර්මාන්ත හා නිෂ්පාදන පිළිබඳ දැනුම හා පළපුරුද්ද ලබා ගැනීම ඇතුළුව විවිධ රජයේ හා රාජ්‍ය නොවන ආයතන විසින් සපයන සේවාවන් ඔවුන්ගේ නිවෙස්වලදීම ලබා දෙන ලදී.
මහපොළ වෙළඳ පොළ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ග්‍රාමීය පාසල් හරහා සංවිධානය කරන ලද අතර එම ප්‍රවේශපත් අලෙවියෙන් ලැබුණු ආදායම, එම පාසල් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යොදාගනු ලැබීය. පළමු මහපොළ ප්‍රදර්ශනය 1981 ජනවාරි මස බණ්ඩාරවෙල ගුරු අභ්‍යාස විද්‍යාලයේ දී පැවැත්විණි.
වර්ෂ 1980-2000 දක්වා කාල පරිච්ජේදය තුළ මහපොළ වෙළඳ පොළ සම්බන්ධයෙන් ජනතාව මහත් උනන්දුවක් හා කැමැත්තක් දැක්වුහ. 21 වන සියවස ආරම්භයත් සමග එය අඩු විය. ප්‍රදර්ශන මගින් අතිරික්ත ආදායමක් නොලැබීම මහපොළ වෙළඳ පොළ හා ප්‍රදර්ශනය පසුගිය වසර කිහිපය තුල ක්‍රියාත්මක නොවීමට හේතු විය.
මහපොල වෙළඳ ප්‍රදර්ශන පිළිබඳ විස්තර
මහපොල වෙළඳ ප්‍රදර්ශන පැවැත් වූ ස්ථාන | වෙළඳ ප්‍රදර්ශනය පැවත්වූ කාලය | ලොතරැයි අංක | ලොතරැයියේ වටිනාකම | ලොතරැයි දිනුම් ලාභීන් | දිනය | ||
බණ්ඩරාවල ගුරු පුහුණු විද්‍යාලය | 03.01.1981 | 12.01.1981 | 1 | ලොරි | හෝ 245000 | බණ්ඩරාවල ගුරු පුහුණු විද්‍යාලය | 12.01.1981 |
හේවාහැට තලාතුඔය මධ්‍ය මහ විද්‍යාලය |
09.01.1982 | 18.01.1982 | 2 | බස් | හෝ 495000 | හේවාහැට තලාතුඔය මධ්‍ය මහ විද්‍යාලය | 18.01.1982 |
මතුගම සී. ඩබ්. ඩබ්. කන්නංගර මධ්‍ය මහ විද්‍යාලය | 06.01.1983 | 17.01.1983 | 3 | 1,000,001 | මතුගම සී. ඩබ්. ඩබ්. කන්නංගර මධ්‍ය මහ විද්‍යාලය | 17.01.1983 | |
පැල්මඩුල්ල, ගන්කන්ද මධ්‍ය මහ විද්‍යාලය | 10.02.1984 | 20.02.1984 | 4 | 1,002,500 | පැල්මඩුල්ල, ගන්කන්ද මධ්‍ය මහ විද්‍යාලය | 20.02.1984 | |
ඇල්පිටිය, ආනන්ද මධ්‍ය මහ විද්‍යාලය | 07.02.1985 | 18.02.1985 | 5 | 1,003,000 | ඇල්පිටිය, ආනන්ද මධ්‍ය මහ විද්‍යාලය | 18.02.1985 | |
පන්නල මහ විද්‍යාලය | 14.02.1986 | 24.02.1986 | 6 | 1,003,100 | පන්නල මහ විද්‍යාලය | 24.02.1986 | |
හිනිදුම, නාගොඩ මහ විද්‍යාලය | 06.02.1987 | 16.02.1987 | 7 | 1,003,200 | හිනිදුම, නාගොඩ මහ විද්‍යාලය | 16.02.1987 | |
මීරිගම, ඩී. එස්. සේනානායක මහ විද්‍යාලය | 11.02.1988 | 21.02.1988 | 8 | 1,003,300 | මීරිගම, ඩී. එස්. සේනානායක මහ විද්‍යාලය | 21.02.1988 | |
බණ්ඩාරගම මධ්‍ය මහ විද්‍යාලය | 25.03.1990 | 04.04.1990 | NIL | NIL | NIL | NIL | |
කුරුණෑගල, මලියදේව මධ්‍ය මහ විද්‍යාලය | 31.03.1991 | 09.04.1991 | NIL | NIL | NIL | NIL | |
මාතලේ අළුවිහාරේ ක්‍රීඩාංගණය | 30.03.1992 | 08.04.1992 | NIL | NIL | NIL | NIL |