අතිරේක ආදායම් මාර්ගයක් විවෘත කිරීම උදෙසා හා ශිෂ්‍යත්ව අරමුදල වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව මහපොළ මාර්ගගත ලොතරැයිය නැවත ආරම්භ කිරීම සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල තීරණය කර ඇත.

ලෝකයේ අනෙකුත් රටවල් හා සංසංදනය කිරීමේදී , ශ්‍රී ලංකාවේ සම්ප්‍රදානුකුල වෙළඳපොල තුලට ලොතරැයිය කාවැදීම සිදුවී නොමැත. ශ්‍රී ලංකාවේ ලොතරැයි මිලදී ගැනීම සඳහා මෙතෙක් සමාජයේ අභාවිත කොටස නම් උසස් පන්තියේ සහ වැඩකරන ජනතාව වන අතර ඔවුන් නිරතුරුව ලොතරැයි මිලදී ගැනීම් සිදු නොකරති.

එබැවින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්භන්දයෙන් දැනුවත්වීම වර්ධනය වෙමින් පවතින මෙම අවධිය මාර්ගගත ලොතරැයිය හඳුන්වාදීම සඳහා සුදුසුම අවස්තාව වේ.

නව පරපුර ලොතරැයි වෙළඳ පොලට හුරු කිරීම සහ නිරතුරුව ලොතරැයි මිලදී ගන්නන්හට පහසු වන පරිදි මාර්ගගත ලොතරැයි වෙලන්දපොල අවශ්‍ය වේ.

ඒ අනුව, නව තාක්‍ෂණය භාවිතා කරමින් මහපොළ මාර්ගගත ලොතරැයිය නැවත ආරම්භ කිරීමට මහපොළ භාරකාර අරමුදල බලාපොරොත්තුවේ.