"මහපොළ" සංකල්පය 1980 වර්ෂයේදී, ගරු ලලිත් ඇතුලත්මුදලි (පී.සී.) මහතා විසින් හඳුන්වා දෙන ලදී. එය ආරම්භයේදී, විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම හරහා උගත් සමාජයක් බිහිකර එමගින් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණ ඇතිව හුදෙක් වෙළඳ හා නාවික අමාත්‍යාශය විසින් සංවිධානය කරන ලද වෙළඳ පොළක් විය.

වෙළඳපොළ හා අධ්‍යාපන ප්‍රදර්ශනය ග්‍රාමීය පාසල්වල සංවිධානය කරන ලද අතර ප්‍රවේශපත් අලෙවියෙන් ලැබුණු ආදායම මෙම පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යොදාගනු ලැබීය. 1980-2000 කාල වකවානුවේදී ජනතාව මහපොළ වෙළඳ ප්‍රදර්ශනය වෙත ආකර්ශනය හා ලැදියාව දක්වන ලද මුත් එය ක්‍රම ක්‍රමයෙන් හීන විය. කෙසේ වෙතත් 21 වන සියවස ආරම්භයේ සිට එය ප්‍රදර්ශනය පමණක් දක්වා අඩු කරන ලදී. එමගින් අතිරික්ත ආදායමක් නොලැබීමේ හේතුව මත මහපොළ හා වෙළඳ ප්‍රදර්ශනය පසුගිය වසර කිහිපය තුළ නොපැවැත් විය.

2018 ජූලි මස 13 වන දින පවත්වන ලද භාරකාර මණ්ඩලයෙහි 68 වැනි රැස්වීමේ දී මහපොළ වෙළඳ පල හා ප්‍රදර්ශනය 2018 වසරේ සිට නැවත ආරම්භ කිරීමට අනුමත විය. ජාතික තරුණ සේවා සභාව, මහපොළ වෙළඳ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ යටිතල පහසුකම් සහ ආයතනික සහාය ලබා දීමට එකඟ වී තිබේ.

ඒ අනුව මහපොළ වෙළඳ පල හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 2018 දී පැවැත්වීමට නියමිතය.