ජනාධිපති අරමුදල යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1978 අංක 7 දරන පනත මගින් සංස්ථාපිත ආයතනයකි.

මෙම අරමුදල හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ධූර කාලය නිමිත්තෙන් පවත්වන ලද සමාරම්භක උත්සවයක දී පරිත්‍යාගශීලීන්ගෙන් ලද රු. 237,120 ක ආරම්භක ප්‍රාග්ධනයකින් ආරම්භ කරන ලදී. පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති අරමුදල යනුවෙන් හැඳින්වෙන මෙම අරමුදල කළමනාකරණය කිරීමේ බලය අතිගරු ජනාධිපතිතුමාට පැවරී ඇත. විගණකාධිපතිවරයා විසින් මෙම ජනාධිපති අරමුදල් ගිණුම් වාර්ෂිකව විගණනය කරනු ලැබේ. ජනාධිපති අරමුදල භාර පාලක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව මෙම අරමුදලෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට ශල්‍ය කර්ම / වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍යාධාර ලබා දීම සිදුකෙරේ.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සමස්ත ලාභය ජනාධිපති අරමුදලට ගෙවිය යුතු අතර ඉන් ලද ලාභය මහපොළ භාර අරමුදල (MTF) වෙත බැර කෙරේ.

ලිපිනය :
3 වන මහල
අංක 35, ලේක් හවුස්, ඩී. ආර්. විජේවර්ධන මාවත
කොළඹ 10.
දු.ක : +94 112 382 316
ෆැක්ස් : +94 112 331 243
ඊ-තැපෑල : fundsecretary[at]presidentsoffice.lk