"මහපොළ" සංකල්පය 1980 වර්ෂයේදී, ගරු ලලිත් ඇතුලත්මුදලි (පී.සී.) මහතා විසින් හඳුන්වා දෙන ලදී. එය ආරම්භයේදී, විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාව වෙත සම්ප්‍රේෂණය කිරීම හරහා උගත් සමාජයක් බිහිකර එමගින් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණ ඇතිව හුදෙක් වෙළඳ හා නාවික අමාත්‍යාශය විසින් සංවිධානය කරන ලද වෙළඳපොළක් විය.

වෙළඳපොළ හා අධ්‍යාපන ප්‍රදර්ශනය ග්‍රාමීය පාසල්වල සංවිධානය කරන ලද අතර ප්‍රවේශපත් අලෙවියෙන් ලැබුණු ආදායම මෙම පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යොදාගනු ලැබීය. 1980-2000 කාල වකවානුවේදී ජනතාව මහපොළ වෙළඳ ප්‍රදර්ශනය වෙත ආකර්ශනය හා ලැදියාව දක්වන ලද මුත් එය ක්‍රම ක්‍රමයෙන් හීන විය. කෙසේ වෙතත් 21 වන සියවස ආරම්භයේ සිට එය ප්‍රදර්ශනය පමණක් දක්වා අඩු කරන ලදී. එමගින් අතිරික්ත ආදායමක් නොලැබීමේ හේතුව මත මහපොළ හා වෙළඳ ප්‍රදර්ශනය පසුගිය වසර කිහිපය තුළ නොපැවැත් විය.

මහපොළ ප්‍රඥප්තිය යටතේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන සාර්ථක වැඩසටහනක් වූයේ මහපොළ වෙළඳපොළ හා වෙළඳ ප්‍රදර්ශනය වන අතර විශේෂයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරිකයන්ට දේශීය නිෂ්පාදිත භාණ්ඩ වෙළඳ කුටිවල විකිණීම හරහා ශ්‍රී ලංකාවට බොහෝ සමාජ ආර්ථික ප්‍රතිලාභ ලබා දී ඇත. මෙම දින හත තුළ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන විකිණීම, කර්මාන්ත හා නිෂ්පාදන පිළිබඳ දැනුම හා පළපුරුද්ද ලබා ගැනීම ඇතුළුව විවිධ රජයේ හා රාජ්‍ය නොවන ආයතන විසින් සපයන සේවාවන් ඔවුන්ගේ නිවෙස්වලදීම ලබා දෙන ලදී.

මහපොළ වෙළඳපොළ හා අධ්‍යාපනික ප්‍රදර්ශනය ග්‍රාමීය පාසල් හරහා සංවිධානය කරන ලද අතර එම ප්‍රවේශපත් අලෙවියෙන් ලැබුණු ආදායම, එම පාසල් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යොදාගනු ලැබීය . පළමු මහපොළ ප්‍රදර්ශනය 1981 ජනවාරි මස බණ්ඩාරවෙල ගුරු අභ්‍යාස විද්‍යාලයේ දී පැවැත්විණි.

වර්ෂ 1980-2000 දක්වා කාල පරිච්ජේදය තුළ මහපොළ වෙළඳපොළ සම්බන්ධයෙන් ජනතාව මහත් උනන්දුවක් හා කැමැත්තක් දැක්වුහ. 21 වන සියවස ආරම්භයත් සමග එය අඩු විය. ප්‍රදර්ශන මගින් අතිරික්ත ආදායමක් නොලැබීම මහපොළ වෙළඳපොළ හා ප්‍රදර්ශනය පසුගිය වසර කිහිපය තුල ක්‍රියාත්මක නොවීමට හේතු විය.