පහසුකම් වර්ධනය කිරීම හරහා සමාන අවස්ථාවන් උදා කරලීම සහ වරප්‍රසාද රහිත ශිෂ්‍යයන්හට උසස් අධ්‍යාපනය හැදෑරීම වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා මූල්‍යමය ආධාර පිරිනැමීමේ අරමුණින් යුතුව ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල, අංක 66 දරන ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල පනත යටතේ, වර්ෂ 1981 දී ස්ථාපිත කරන ලදී.

එකී පනතේ 3 වන වගන්තියට අනුව අරමුදලේ කටයුතු භාරකාර මණ්ඩලයක් මගින් සිදු කරනු ලබන අතර, භාරකාර මණ්ඩලයේ සභාපති ධූරය අගවිනිසුරු විසින් දරනු ලැබේ. භාරකාර මණ්ඩලය, සභාපතිවරයෙකු සහිතව සාමාජිකයින් හය දෙනෙකු නියෝජනය කරනු ලබන අතර, ප්‍රාරම්භක භාරකරු වෙනුවෙන් උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා නිලබලයෙන් ද, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සහ උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යයවරයා විසින් පත් කරනු ලබන භාරකාරවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත වේ.